වෙනත් ප්‍රතිලාභ

ඔබට ආහාර පිසීම සඳහා නොමිලේ ජීව වායුව ලබා ගැනීමේ අරමුණින් ඔබ ජීව වායු ඒකකයක් මිලදී ගන්නට ඇත. නමුත් ඔබ ජීව වායු ඒකකයක් මිලදී ගන්නා විට ජීව වායුවට අමතරව වෙනත් ප්‍රතිලාභ කිහිපයක් එමගින් ලබා දෙයි. ඒවා ගෑස් නොවන ප්‍රතිලාභ ලෙස හඳුන්වමු. ජීව වායු පාරිභෝගිකයාට ලැබෙන එවැනි ප්‍රධාන ප්‍රතිලාභ කිහිපයක් ඇත.

  1. ගෙවතු වගාව සඳහා දිරි දෙමින් ජීව වායු ඒකකයේ පොහොර ලැබීම.
  2. කසළ කළමනාකරණයට සුපිරි විසඳුමක් ලැබීම.
  3. මිළ කල නොහැකි ආත්ම තෘප්තිය.
  4. ජීව වායු පාරිභෝගිකයා කාබනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර පුනර්ජනනීය බලශක්තිය සහ පාංශු නිෂ්පාදන බවට පත් කිරීමෙන් අපගේ වාතය, ජලය සහ පස ආරක්ෂා කිරීමට දායක වන අතර GHG විමෝචනය අඩු කරයි.
  5. ජීව වායු පාරිභෝගිකයා රට තුළ ඩොලර් ඉතිරි කර ගැනීමට සහ තිරසාර ආර්ථිකයක් ඇති කිරීමට දායක වේ.