ජීව වායුව

අද දවසේ ඔබගේ කසළ ඔබට හෙට දවස සඳහා ශක්තිය ලබා දෙයි

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉහළ යන මිල මට්ටම් සමඟ, තමන්ගේම පුනර්ජනනීය බලශක්තිය ජනනය කරමින් තිරසාර ජීවන රටාවක් ඇති කර ගැනීම බොහෝ පුද්ගලයන්ගේ දැක්මක් වී ඇත. එම දැක්ම ඉටු කිරීම සඳහා බොහෝ කුටුම්භ ජීව වායු ඒකකයක් ලබා ගැනීමේ ප්‍රවණතාවක් පවතී. එසේම එය හිමිකරුට විනෝදජනක සහ ආකර්ෂණීය අත්දැකීමක් ද ලබා දෙයි. මක්නිසාද යත් ජීව වායු ඒකකය නිවසේ හෝ අපනශාලාවේ හෝ වෙනත් ආයතනයක ඉතිරිවන කාබනික අපද්‍රව්‍ය / කසළ පසුදින ආහාර පිසීමේ අවශ්‍යතාවය සඳහා අවශ්‍ය ජීව වායුව ජනනය කරන බැවිනි.

පරිශීලක හිතකාමී ජීව වායු ඒකකය, පෙර දින කුණු කසළ පසු දින තාප ශක්තිය බවට හැරෙන ආකාරය නැරඹීමේ අත්දැකීම ඔබට වචනයෙන් විස්තර කළ නොහැකි නිහතමානී සතුටක් ලබා දෙයි.

Sathvidu Eco ඝන මීටර් 1ක ඩයිජෙස්ටරය දිනකට ජීව වායු ලීටර් 750 ක් පමණ ජනනය කරයි, එය පැය 3-4 ක් තනි උදුනකින් ආහාර පිසීමකට අවශ්‍ය වන ගෑස් ප්‍රමාණය සපයන අතර කාබනික අපද්‍රව්‍ය පුනර්ජනනීය බලශක්තිය බවට පරිවර්තනය කරයි. උදාහරණයක් ලෙස ඔබට පෙර දින ඉවත්කරන ලද අර්තාපල් පොතු වලින් පසු දින අර්තාපල් චිප්ස් බැදීමට අවශ්‍ය ගෑස් ප්‍රමාණයක් ලබා දෙනු ඇත.

ජීව වායුව සමඟ ඔබේ ආරක්ෂාව

ජීව වායුව LP වායුවට වඩා ආරක්ෂිතය. එසේ වන්නේ හේතු කිහිපයක් නිසාය. LP වායුව බරින් වැඩි වන අතර ගෑස් කාන්දු වන විට කාන්දු වන ස්ථානය වටා තිරස් අතට පැතිරෙයි. එවිට එම වායුව සැලකිය යුතු කාලයක් එකම ස්ථානයේ පවතින අතර එය ගිනි පුපුරක් සමඟ ගැටීමෙන් දැල්වීමට /ගිණි ගැනීමට හැකිය. නමුත් ජීව වායුව සැහැල්ලු වන අතර එය නිකුත් වූ වහාම ඉහළ යයි. එහි ප්‍රතිඵලය වන්නේ එය ගෑස් කාන්දු වන ස්ථානය අවට ගෑස් නොරැදීමයි. ජීව වායුව වායු ගෝලයේ ඉහළට විසරණය වෙයි. ජීව වායුව ගිණි ගැනීමට තනි ගිණි පුළිඟුවකට නොහැකිය. මීතේන් ජීව වායුවේ මූලික සංඝටකය වන නිසාත්, එය වායුගෝලයට මුදා හැරීමත් සමඟම එය දහනය කිරීමේ හැකියාව නැති වී යන නිසාත් ජීව වායුව (LPG සහ ප්‍රොපේන් වලට ) සාපේක්ෂව ආරක්ෂා කාරිය.

වායු මිශ්‍රණය ප්‍රසාරණය වීම නිසා ජීව වායු ඒකකයක් පුපුරා යාමේ අවදානමක් නොමැත. ජීව වායු ඒකකයක ජිරකයකින් නිපදවෙන ජීව වායුව, (භාවිතා නොකිරීම වැනි හේතුවක් නිසා) ධාරකයේ ධාරිතාවට වඩා වැඩි වීමට ඉඩ ඇත. මෙලෙස ජෛව වායුව අධික ලෙස නිපදවීමේදී, අධික ලෙස නිපදවන වායුව (ඒකකයට හෝ මිනිසාට) කිසිදු හානියක් නොවන පරිදි පරිසරයට මුදා හරිනු ඇත.

කෙසේ නමුත් ඔබ ජීව වායු ඒකකය සමඟ කටයුතු කරන විට ඔබේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පහත උපදෙස් අනුගමනය කරන්න.

  • ජීව වායු ඒකකයට මීටරයක දුරින් ගින්නක් දැල්වීම නොකරන්න.
  • ජීව වායු ඒකකයට/පද්ධතියට නැගීමෙන් වලකින්න. පද්ධතියට හානි කළ හැකි තියුණු වස්තූන් භාවිතා නොකරන්න.
  • පද්ධතිය විවුර්ත කිරීමකදී විමෝචනය වන වායුව ආශ්වාස නොකරන්න.
  • පද්ධතිය භාවිතා කළ යුත්තේ ලබා දී ඇති උපදෙස් අනුව පමණි.
  • ජීව වායු පද්ධතියේ ලිප හැර වෙනත් කිසිම ස්ථානයකින් ගින්න පරීක්ෂා නොකරන්න.
  • ජීව වායු ඒකකය තනිව විවෘත නොකරන්න.

ජීව වායුව සමඟ ආහාර පිසීම වඩාත් ආරක්ෂිත වනුයේ

ඔබේ ඒකකය මගින් ජනනය කරන ජීව වායුව හේතු ගණනාවක් නිසා LPG (ද්‍රව පෙට්‍රෝලියම් වායුව) හෝ ප්‍රොපේන් වායුවට වඩා බෙහෙවින් ආරක්ෂිතයි.
  • ප්‍රොපේන් ටැංකි හෝ LPG සිලින්ඩරවලට සාපේක්ෂව, ඔබේ ජීව වායු පද්ධතිය මඟින් නිපදවන ජීව වායුව සම්පීඩිත කර නැත.
  • සිලින්ඩරවල වායුව හා සසඳන විට, ධාරකය සම්පීඩිත නොවන බැවින් වායුව කුඩා ප්‍රමාණයක් පමණක් රඳවා තබා ගනී. අනෙකුත් ගෑස් සම්බන්ධතා හා සසඳන විට එය කුඩා වන අතර එය දැල්වුවහොත් සැලකිය යුතු අනතුරක් ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නොවේ.
  • ජීව වායුවෙන් 60% ක් සෑදී ඇත්තේ මීතේන් වලින් වන අතර එය වාතයට වඩා සැහැල්ලු වායුවකි. එය මුදා හැරියහොත් ක්ෂණිකව වායුගෝලයට විසිරී යයි. එක තැනක නොරදෙන නිසා අනතුරක් සිදු නොවෙයි.
  • බොහෝ විට ලිප සහ කලෙක්ටරය අතර සැලකිය යුතු දුරක් පවතියි.

දස දෙසින් පුවත්…