ඇරඹුම

ජීව වායු ඒකකයක් හිමි කර ගැනීමේ වටිනාකම අධ්‍යයනය කිරීමෙන් සහ එවැනි ඒකකයක් තිබීමේ වාසි සහ අවාසි විශ්ලේෂණය කිරීමෙන් පසු ඔබ ජීව වායු ඒකකයක් ලබාගෙන ඇත. 
ඔබගේ වටිනා ආයෝජනයට සුභ පැතුම්!

  • ඔබේ ජීව වායු ඒකකය සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමට නම් එය 100%ක් ගෑස් කාන්දු නොවන සේ මුද්‍රා තබා තිබිය යුතුය. අපගේ ගනුදෙනුකරුවන් සඳහා අපි එය අපගේ QC ක්‍රියාවලියේදී පරීක්ෂා කර තහවුරු කරන්නෙමු.
  • ඔබ ජීව වායු ඒකකය වෙනත් මූලාශ්‍රයකින් ලබා ගෙන එහි කිසියම් කුඩා හෝ ගෑස් කාන්දුවක් ඇත්නම් ඔබේ ජීව වායු පද්ධතිය අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වේ. එය සාර්ථක කර ගැනීම සඳහා ඔබ ගෑස් කාන්දු වන ස්ථාන සොයා ගත යුතු අතර සියලු කාන්දු වන ස්ථාන මුද්‍රා කළ යුතුය.
  • අපි ඔබේ ජීව වායු ඒකකය ස්ථාපනය කර සක්‍රිය කිරීමෙන් පසු අපගේ වගකීමෙන් වැඩි කොටසක් ඉටු කර අවසන්. දැන් ප්‍රධාන වගකීම ඇත්තේ ඔබටය. ඔබ අප විසින් ලබා දී ඇති උපදෙස් එලෙසම පිළිපැදිය යුතු අතර අප ඔබට දන්වා ඇති පරිදි ඔබේ ජීව වායු ඒකකයේ තත්ත්වය අපට දන්වන්න. අපි ඔබේ ඒකකයේ සාර්ථකත්වය සඳහා එක් එක් පාරිභෝගිකයින්ගේ එක් එක් ඒකකය වෙන් වෙන්ව නිරීක්ෂණය කරන්නෙමු.

සාර්ථක හා වඩාත් කාර්යක්ෂම ජීව වායු ඒකකයක් ඇති කර ගැනීම සඳහා පාරිභෝගිකයාගේ / භාවිතා කරන්නාගේ උනන්දුව හා කැපවීම අත්‍යවශ්‍ය ය. මනා ඉවසීමකින් හා ස්වයං විනයකින් යුතුව ජීව වායු ඒකකය සමග මුල් අවදියේදී කටයුතු කල යුතුය.

අපි ජීව වායු පද්ධතියේ අවශ්‍ය අංගයන් ඔබගේ ස්ථානයේ භෞතික පරිසරයේ පිහිටීමට වඩාත් ගැළපෙන පරිදි ඔබේ ස්ථානයේ ස්ථාපනය කරමු. ස්ථාපනය සඳහා ගුණාත්මක අමු ද්‍රව්‍ය භාවිතයට අපි නිර්දේශ කරමු.

අපගේ ක්‍රියාවලිය

අපි ඔබගේ අවශ්‍යතාවයට සරිලන ජීව වායු ඒකක නිපදවා ඔබට අවශ්‍ය ස්ථානයේ ස්ථාපනය කරන්නෙමු. මෙහිදී අපි ඔබ වෙනුවෙන් පහත අයිතම නිෂ්පාදනය කර ස්ථාපනය කරමු.

  • ජිරකය
  • ධාරකය
  • ජල වාෂ්ප කරාමය
  • H2S පෙරහන
  • නවීකරණය කරන ලද ගෑස් උදුන
  • Bubbler (Segregated Unit සඳහා පමණක් අවශ්‍ය වේ)

ඒකකය හොදින් සක්‍රිය වීමට

අපි ගොම සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍රණයෙන් යොදා ඔබේ ඩයිජෙස්ටරය සක්‍රිය කළ පසු ජීව වායුව නිපදවීමට පැය කිහිපයක්/දින කිහිපයක් ගතවේ. එය ඔබේ ජිරකයට යොදන ලද ගොම වල ගුණාත්මකභාවය සහ අනෙකුත් පාරිසරික සාධක මත රඳා පවතී. ඒකකය සක්‍රිය කිරීමෙන් පසුව, ඔබ ගෑස් නිෂ්පාදනය වන තෙක් සහ ඒ අනුව කලෙක්ටරය එසවෙන තෙක් ඉවසීමෙන් බලා සිටිය යුතුය. මේ සදහා වඩාත් සුදුසු පරිසර උෂ්ණත්වය 270C – 300C වේ.

  • ඔබ විසින් ජීව වායු ඒකකය සක්‍රිය කිරීමෙන් පසු පළමු දින දෙක , ඔබට සාමාන්‍ය තත්ත්වයන් යටතේ ජනනය කරන ලද ජීව වායුව, ආහාර පිසීම සඳහා භාවිතා කළ නොහැක. පළමු දින දෙකේදී ඔබ විසින් කලක්ටරය තුල එකතු වන ලද ගෑස් ඉවත් කළ යුතුය. තුන්වන දින සිට ඔබේ ජීව වායු ඒකකයෙන් ජනනය වන වායුව, ගිනි ගන්නවාදැයි තහවුරු කර ගැනීමට ‘දැල්ල’ පරීක්ෂා කළ හැකිය.
  • Add a single and succinct list item
  • ඔබේ ජීව වායු ඒකකය ගිනි පරීක්ෂාව සමත් වූ පසු ඔබට ඔබේ ළදරු ඩයිජස්ටරයට ආහාර හුරු කරවීම/ ලබා දීම ආරම්භ කළ හැක. මෙම පියවරේදී අප විසින් නිසි උපදෙස් හා මග පෙන්වීමක් ලබා දෙන අතර අවශ්‍ය අවස්ථා වලදී අපගේ අධීක්ෂකයෙකු විසින් අධීක්ෂණය කරනු ලැබේ. මෙතැන් පටන් ඔබට නිපදවෙනු ලබන ජීව වායුව ඔබේ ආහාර පිසීම සඳහා භාවිතා කළ හැකිය. කාලයත් සමඟ ආහාර ප්‍රමාණය වැඩි කරන අතරම එය ක්‍රමයෙන් ආහාර පිසීමේ කාලය වැඩි කරයි.
  • ඔබේ ජීව වායු ඒකකය ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී PH මට්ටම ගැන ඔබ ඉතා සැලකිලිමත් විය යුතුය. එය 6.8-7.2 යන නියමිත අගය මට්ටමට වඩා වෙනස් වන්නේ නම්, ඔබ අපව දැනුවත් කර ph සමතුලිතතාවය පාලනය කිරීමට වහාම උපදෙස් ලබා ගත යුතුය.
ඔබට ඩජෙස්ටරයට දැමිය හැක්කේ මොනවාද?

ඉදුල්, එළවලු, පළතුරු, මස්/මාළු, බිත්තර කටු, තෙල් සහ වෙනත් ඕනෑම දිරාපත් වන ආහාර/ අපද්‍රව්‍ය ඇතුළු නිවසේ ඉවතලන අපද්‍රවය බොහොමයක්

ඔබේ ජීව වායු ඒකකයට නඩත්තු කටයුතු සදහා විශාල වශයෙන් මහන්සි වීමට අවශ්‍ය නැත. කළ යුතු විශේෂ කර්තව්‍යය නම් පද්ධතියේ ප්‍රමාණය අනුව අනුමත අපද්‍රවය යොදාගෙන දිනපතා නිසි ලෙස අහර ලබා දීම, ඩයිජෙස්ටරය මිශ්‍ර කර දිනපතා පොහොර ඉවත් කිරීම හා H2S ෆිල්ටරය තුළ ඇති යකඩ කෙදි වාර්ෂිකව මාරු කිරීම පමණකි.

ඔබේ ඒකකයේ ගෑස් නිෂ්පාදනය සාර්ථකව සිදු වීමට බලපාන වැදගත් කොන්දේසි කිහිපයක් ඇත.

  • සාමාන්‍ය දිවා/රාත්‍රී පරිසර උෂ්ණත්වය 270C-300C විය යුතුය.
  • කාබනික අපද්‍රව්‍ය යෙදිය යුතු උපරිම දෛනික සීමාව කිසි විටෙකත් නොඉක්මවන්න.
  • පද්ධතියේ pH අගය ප්‍රශස්ත පරාසයක තබා ගන්න.
  • පද්ධතියට අනුව නිර්දේශිත ප්‍රමාණයට සෑම දිනකම ආහාර සමඟ ජලය යොදන්න.
  • දිනපතා දියර පොහොර ඉවත් කරන්න.