නඩත්තු කිරීම

ඔබේ නිවසේ නව සාමාජිකයා සමග කටයුතු කිරීම

ඔබේ ජීව වායු ඒකකය නඩත්තු කිරීම

ඔබේ ජීව වායු ඒකකයට නඩත්තු කටයුතු සදහා විශාල වශයෙන් මහන්සි වීමට අවශ්‍ය නැත. කළ යුතු විශේෂ කර්තව්‍යය නම් පද්ධතියේ ප්‍රමාණය අනුව අනුමත අපද්‍රවය යොදාගෙන දිනපතා නිසි ලෙස අහර ලබා දීම, ඩයිජෙස්ටරය මිශ්‍ර කර දිනපතා පොහොර ඉවත් කිරීම හා H2S ෆිල්ටරය තුළ ඇති යකඩ කෙදි වාර්ෂිකව මාරු කිරීම පමණකි.

මේ සදහා……

  • සාමාන්‍ය දිවා/රාත්‍රී පරිසර උෂ්ණත්වය 270C-300C විය යුතුය.
  • කාබනික අපද්‍රව්‍ය යෙදිය යුතු උපරිම දෛනික සීමාව කිසි විටෙකත් නොඉක්මවන්න.
  • පද්ධතියේ pH අගය ප්‍රශස්ත පරාසයක තබා ගන්න.
  • පද්ධතියට අනුව නිර්දේශිත ප්‍රමාණයට සෑම දිනකම ආහාර සමඟ ජලය යොදන්න.
  • දිනපතා දියර පොහොර ඉවත් කරන්න.

ඔබට ඩයිජෙස්ටරයට දැමිය හැකි ආහාර (අපද්‍රව්‍ය)

ඔබගේ නිවසේ/ ආපන ශාලාවේ / රෝහලේ හෝ වෙනත් ඕනෑම ආයතනයක ඉවතලන, ඕනෑම දිරාපත් වන ආහාර/ අපද්‍රව්‍ය බොහොමයක් මේ සදහා භාවිතා කළ හැකිය.

නව ජීව වායු ඒකකයට ආහාර ලෙස භාවිතා කළ හැකි දෑ

  • මුලුතැන් ගෙයින් ඉවතලන එලවළු අපද්‍රවය
  • සහල් නිවුඩු, පරිප්පු සෝදන වතුර 
  • පලතුරු අපද්‍රවය
  • සත්ව බහිස්‍රාවීය ද්‍රව්‍ය
  • ඉවතලන සුක්රෝස් එනම් සීනි බහුල පලතුරු
  • අයිස්ක්‍රීම් කෑමෙන් පසු භාජන සේදු වතුර 
  • බහුලව ප්‍රෝටීන අඩංගු මස් මාලු ,කරවල අපද්‍රවය
  • ධාන්‍ය වර්ග,අලවර්ග 
  • පොල් වතුර
  • ඔබ එකතුකරන ලද ද්‍රව්‍යයන්හි කැබලි වල විශාලත්වය අඩු කිරීමෙන්  (එනම් හැකි තාක් කුඩා කැබලි ලෙස එකතු කිරීමෙන් )  ජීර්ණය පහසු වෙයි.
  • ග්ලිඩිසීරීයා/ඇල්බීසියා/ආඩප්පා/වැටමාර යනුවෙන් හැදින්වෙන ශාකයෙහි කොළ (මේවා දිනපතා යොදන්න එපා. සතියකට වරක් මද පවනේ වියලා හැකිනම් කුඩු කර දමන්න.)
  • ඇසොල්ලා, සැල්වීනියා, ජපන් ජබර ආදී ජලජ ශාක 


නඩත්තු කිරීමේදී ඇතිවන ගැටළු

ජීව වායු ලිප පත්තු වෙන්නේ නැතිව ගියාද ?

ඔබ ආහාර පිසීම සදහා කාලයක් තිස්සේ ජීව වායුව භාවිතා කලද, එක්වරම ලිප දැල්වීමට නොහැකි වීමක් (නැතහොත් වායුව ගිනි නොගන්නා බවක්) අත්දුටුවේ නම් නම් හේතුව ආහාර/අපද්‍රව්‍ය යෙදීමේදී ඇතිවූ සංකූලතාවයකි. එවන් අවස්ථාවක ඔබේ ජීව වායු ඒකකයට ආහාර යෙදීම නවත්වන්න. ph මට්ටම පරීක්ෂා කර එය සුදුසු ph මට්ටමෙන් බැහැර වී ඇත්නම් අපට දන්වන්න. කලෙක්ටරයේ එකතු වී ඇති වායුව ඉවත් කරන්න. වායුව ඉවත් කරන අතරතුර එම ස්ථානයෙන් ඈත්ව සිටීම වැදගත්ය. කලෙක්ටරය හිස් වූ විට, නැවත ගෑස් එකතු වන්නට කටයුතු කරන්න. දැල්ල සඳහා දිනපතා එකතු වන වායුව පරීක්ෂා කරන්න. ගෑස් නිපදවෙන තෙක් සහ ගිනිදැල් පරික්ෂා කිරීමට දින කිහිපයක් ඉවසීමෙන් කටයුතු කිරීමට ඔබට සිදුවෙනු ඇත. වායුව ගිනි ගන්නා විට, ඔබට නැවත ආහාර යෙදීම ආරම්භ කළ හැකිය. ඔබේ පද්ධතිය සතියක් තුළ යථා තත්ත්වයට පත් නොවුනහොත්, වැඩිදුර උපදෙස් සඳහා අප අමතන්න.

ජීව වායු ඒකකයෙන් දුර්ගන්ධයක් විහිදෙනවාද?

  • ඔබේ Segregated ජීව වායු ඒකකය මගින් පරිසරයට ගන්ධයක් පැතිරෙන්නේ නැත.
  • ඒකාබද්ධ ජීව වායු ඒකකයෙන් සුළු දුර්ගන්ධයක් (සාමාන්‍යයෙන් මීටර් 1 ක් දක්වා පැතිර යා හැකි) තිබිය හැක. ප්‍රතිකර්ම මගින් එය ඉවත් කළ හැකිය.
  • ජීව වායුවෙහි අන්තර්ගත සංඝටකයක් වන H2S වායුවෙහි යම් දුර්ගන්ධයක් පවතින අතර වායු කාන්දුවීමක් හදුනා ගැනීමට මෙම ගන්ධය උපකාරී වෙයි. ෆිල්ටරය මගින් මෙම වායුව ප්‍රතික්‍රියාවකට ලක් කර එහි බලපෑම අවම කරනු ලබයි.
  • ජීව වායුව දැල්වීමේදී කිසිදු ගන්ධයක් නොමැත.

ඔබේ ජීව වායු ඒකකය පිරිසිදු කිරීම අවශ්‍යද?

ඔබේ ජීව වායු ඒකකය පිරිසිදු කිරීමට අන්තර්ගතය හිස් කිරීමට අවශ්‍ය නැත. මන්ද ඩයිජෙස්ටරය තුළ ඔබ යොදන ආහාර දිගු කාලීනව ඉතිරි වන්නේ හෝ එකතු වන්නේ නැත. එම ආහාර ජිර්ණයේදී කුඩා කොටස් වලට විභේදනය වී රොන්මඩ නිපදවන ආකාරයෙන් ඉදිකර ඇති අතර තව දුරටත් වියෝජනය වී ජලය සමග මිශ්‍ර වෙයි. එනම් නිර්වායු ජීර්ණය යටතේ ඔබ ජිරකයට ඇතුල් කරන අනුමත කාබනික අපද්‍රව්‍ය සෑම සංරචකයක්ම බැක්ටීරියා මගින් ජීර්ණය කර දියර පොහොර ලෙස ජීර්ණයෙන් ඉවත් කරනු ලැබේ. සරළවම නැවත ඔබට ඒකකය පිරිසිදු කර ඉවත් කිරීමට යමක් ඒ තුළ ඉතිරි වන්නේ නැත.