ජීව වායු ඒකකයක් තේරීම
ඔබේ නිවසට/හෝටලයකට/ආපනශාලාවට හෝ වෙනත් ස්ථානයකට ජීව වායු ඒකකයක් තිබීමට ඔබ තීරණය කරන විට ප්‍රථමයෙන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ජීව වායු ඒකකය තෝරාගත යුතුය. එය නිර්ණායක කිහිපයක් මත රඳා පවතී.
පහත නිර්ණායක අධ්‍යයනය කර ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ඒකකයේ ධාරිතාව තීරණය කරන්න.
ඔබේ පවුලට සුදුසු ජීව වායු ඒකකය (ජිරකයේ ධාරිතාවය), පවුලේ සාමාජිකයන් ගණන අනුව ඔබට තීරණය කළ හැකිය.
300 L
සාමාජිකයන් 1
500 L
සාමාජිකයන් 2
750 L
සාමාජිකයන් 3
1000 L
සාමාජිකයන් 4
1500 L
සාමාජිකයන් 6
2000 L
සාමාජිකයන් 8
ඔබ දිනකට ඉවුම් පිහුම් කටයුතු සඳහා තනි උදුනක් භාවිතා කිරීමට බලාපොරොත්තු වන කාලය මත පදනම්ව ඔබේ පවුල සඳහා සුදුසු ජීව වායු ඒකකය තීරණය කළ හැකිය.
300 L
පැය 1
500 L
පැය 2
750 L
පැය 3
1000L
පැය 4
1500L
පැය 6
2000L
පැය 8
300 L
1 kg
500 L
2 kg
1000L
4 kg
1500L
6 kg
2000L
8 kg
අප විසින් නිපදවනු ලබන පහත සඳහන් ජීව වායු ඒකක මාදිලි අධ්‍යයනය කර ඔබගේ නිවසට/ සේවා ස්ථානයට සුදුසු ජීව වායු ඒකකයේ හොඳම මාදිලිය තීරණය කරන්න.
සත්විදු ඒකාබද්ධ ඒකකය (Combined Unit)
මෙය PVC ටැංකි දෙකකින් නිෂ්පාදනය කරන ලද ජීව වායු ඒකකයකි. එය ජිරකය සහ ධාරකය ඒකාබද්ධ කර එකම කොටසක් වශයෙන් නිපදවා ඇත. මෙම ක්‍රමය ඉන්දියාවේ ආරම්භ වී ඇති අතර එය ඉන්දියානු ක්‍රමය ලෙස හැඳින්වෙන අතර එය ටැංකි දෙකේ ඒකකය ලෙසද ව්‍යවහාරයේදී හැඳින්වේ.
වාසි
- භුමියේ අවශ්‍ය ඉඩ ප්‍රමාණය අඩුය.
- මිළදී ගැනීමට යන වියදම අඩුයි.
- නඩත්තු කිරීම පහසුය.
- අවශ්‍යතාවයකදී එහා මෙහා රැගෙන යාම ඉතා පහසුය.
- කබොල සෑදීමේ සම්භාවිතාව අඩු වන අතර එය සෑදී ඇත්නම් එය ඉවත් කිරීම පහසුය.
අවාසි
- කුඩා ගන්දයක් තිබිය හැක. (නඩත්තු රටාව මත රඳා පවතී. එය අඩි 3 ක් දක්වා පැතිර යා හැක).

සත්විදු වෙන්ව පිහිටි ඒකකය (Segregated Unit)
මෙය PVC ටැංකි තුනකින් නිෂ්පාදනය කරන ලද ජීව වායු ඒකකයකි. එහි ඩයිජෙස්ටරයක් සහ කලෙක්ටරය වෙන වෙනම ගොඩනගා ඇත. මෙම ක්‍රමය චීනයේ ආරම්භ වූ නිසා එය චීන ක්‍රමය ලෙස හඳුන්වන අතර ටැංකි තුනක පද්ධතියක් ලෙසද ප්‍රචලිතය. ඒකාබද්ධ ඒකකය හා සසඳන විට එය පහත වාසි සහ අවාසි ඇත.
වාසි
- ඒකකය මගින් ගෑස් නිපදවීමේ වේගය නිරීක්ෂණය කළ හැකිය.
- ඩයිජෙස්ටරය 100% මුද්‍රා තැබූ ඒකකයක් වන අතර කිසිවිටෙක දුගදක් ඇති නොවේ.
අවාසි
- ඒකකය සදහා භූමියෙන් වැඩි ඉඩක් ලබා ගනී.
- ඒකකයක් මිළදී ගැනීමට යන වියදම වැඩිය.
- ඩයිජෙස්ටර ය තුල කබොල සෑදීමේ සම්භාවිතාව පවතී. නමුත් එවැනි කබොල සෑදීමේදී කබොල ඉවත් කිරීමට අපි විසින් අවශ්‍ය ප්‍රතිපාදන තබා ඇත.
